ඔස්ට්‍රේලියාවෙනුත් ටික්ටොක් තහනමක් – නිල නිවේදනය අද

ෆෙඩරල් රජයේ කටයුතු හා සම්බන්ධ වන දුරකථනවල ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිතය තහනම් කිරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය අවධානය යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධ නිල නිවේදනය අද දිනය තුළ නිකුත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

මේ අනුව මහා බ්‍රිතාන්‍යය – නවසීලන්තය – කැනඩාව සහ අමෙරිකාවට අමතරව ටික්ටොක් තහණමක් පණවන 05 වන රට බවට ඔස්ට්‍රේලියාව පත්වනු ඇති.

චීන හිමිකාරීත්වය සහිත ටික්ටොක් ඇප්ලිකේෂනය හරහා සංවේදී තොරතුරු චීන රජය අතට පත්වන බවට වන සැකය මතයි මෙම තහණම් පණවා ඇත්තේ.

ෆෙඩරල් රජයේ තීරණය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ප්‍රාන්ත රජයන්ද දැනුවත් කර ඇති බව සඳහන්.

විකටෝරියා සහ ප්‍රාන්ත රජයන් එහිදී දන්වා ඇත්තේ ෆෙඩරල් රජය විසින් පණවන ඕනෑම ටික්ටොක් වාරණයකට තමන්ද එකග වන බවයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »