Search

ඔස්ට්‍රේලියා නිවාස වටිනාකම මාස 10 කට පසු ඉහළට – Cash rate තීරණයත් අද

ඔස්ට්‍රේලියාවේ නිවාසවල වටිනාකම මාස 10 කට පසු පළමුවරට ඉහළගොස් තිබෙනවා.

හෝබාර්ට් සහ ඩාර්වින් හැරුණුකොට අනෙකුත් සෑම ප්‍රධාන නගරයකම නිවාසවල තක්සේරු වටිනාකම වැඩිවී තිබීම විශේෂත්වයක්.

සිඩ්නි නගරයේ නිවසක සාමාන්‍ය වටිනාකම නැවතත් ඩොලර් මිලියනයක සීමාව ඉක්මවා ගොස් ඇති බවයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ.

මෙල්බන් නගරයේ නිවසක වටිනාකම සියයට 0.6 කින් / පර්ත් හි සියයට 0.5 කින් සහ බ්‍රිස්බන් හි සියයට 0.1 කින් ඉහළගොස් ඇති බව සඳහන්.

ඉදිරි වසර 05 සඳහා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය නිවාස සංඛ්‍යාව 100,000 කින් පමණ අඩුවෙන් පවතිනු ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර අප්‍රේල් මාසය සඳහා පොළී අනුපාතික අගයන් තීරණය කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව අද යළි රැස්වනවා.

කෙසේවෙතත් දැනට සියයට 3.6 ක් ලෙස පවතින cash rate අගය ඉදිරි මාසය තුළදීත් එලෙසින්ම පවත්වාගෙන යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »