Search

NSW ප්‍රාන්තයෙන් මරේ වැලි එන්සෙපලයිටීස් ආසාධිත දෙවැන්නාද හමුවෙයි

මදුරුවන් ආශ්‍රිතව ව්‍යාප්ත වන මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධිත දෙවැන්නාද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.

50 හැවිරිදි වියෙහි පසුවන අයෙකු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ අනාවරණය කලේ.

ඔහුට වෛරසය වැළඳෙන්නට ඇති බවට සැක කෙරෙන්නේ පසුගිය ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළදීයි.

මරේ වැලි එන්සෙපලයිටීස් වෛරසය ආසාධනය වීමෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් 03 දෙනෙකු මෙම වසරේ මේ දක්වා කාලය තුළ මරණයට පත්වී තිබෙනවා.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ වන්නේ තද හිසරදය – වමනය – ඇගපත වේදනාව සහ උණ තත්වයයි.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »