$ බිලියන 02 ක වන්දියක් ගෙවීමෙන් ටොයොටා සමාගම ගැලවෙයි

ටොයොටා ආයතනයට එරෙහි නඩුවකින් දැවැන්ත වන්දි මුදලක් ලබාගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානුවන් 264,000 කට වැඩි පිරිසකට අහිමිවි තිබෙනවා.

ඒ 2015 වසරේ ඔක්තෝබර් සිට 2020 වසරේ අප්‍රේල් දක්වා කාලය තුළ අලෙවි කල Hilux, Fortuner – Prado වර්ගවලට අයත් වාහනවල දෝෂ සම්බන්ධ නඩුවේ තීන්දුවට අනුවයි.

අදාළ වාහනවල ඉන්ධන පද්ධතියේ දෝෂ පාදක කරගෙනයි පාරිභෝගිකයන් විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ මෙම නඩුව පවරා තිබුණේ.

කෙසේවෙතත් එම නඩුවෙන් ටොයොටා සමාගම ජයගෙන ඇති අතර කිසියම් අයුරකින් පරාජයට පත්වූයේ නම් ඩොලර් බිලියන 02 කට ආසන්න වන්දි මුදලක් ගෙවීමට සිදුව තිබුණා.

මේ අතර අදාළ පාරිභෝගිකයන්ගේ වාහනවල තවමත් කිසියම් දෝෂයක් පවතීනම් වහා අලුත්වැඩියා කරදීමට සූදානම් බවද ටොයොටා සමාගම නිවේදනය කර සිටිනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »