ලැටිටියුඩ් දත්ත පැහැර ගැනීමට ලක්වූ පාරිභෝගිකයන් නඩු මගට

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමේ දත්ත වංචාවේදී දත්ත පැහැර ගැනීමට ලක්වූ පාරිභෝගිකයන් ලක්ෂ 79 කට පමණ එම සමාගමට එරෙහිව නඩු පැවරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

ණය – ක්‍රෙඩිට් කාඩ් සහ රක්ෂණාවරණ සපයන මූල්‍ය සමාගමක් වන එහි ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිටින පාරිභෝගිකයන් විශාල පිරිසකගේ රියදුරු බලපත් අංක අනවසර පිවිසීමකට ලක්ව ඇති බවයි ඔවුන් පසුගිය සතියේදී නිවේදනය කලේ.

මෙම පාරිභෝගිකයන් අතුරින් සියයට 60 ක් පමණ සිය පුද්ගලික තොරතුරු ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගම වෙත ලබාදී ඇත්තේ මීට වසරකට පමණ ඉහතදී බවද සඳහන්.

රියදුරු බලපත්වලට අමතරව පුද්ගල නාම – ලිපින – දුරකථන අංක – උපන්දින මෙන්ම විදෙස් ගමන් බලපත් අංක 53,000 කට වැඩි සංඛ්‍යාවක්ද අනවසර පිවිසීම්වලට ලක්වී තිබෙනවා.

ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ෆෙඩරල් පොලිසිය මෙන්ම ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »