
සිය නිෂ්පාදන අපනයනය අධියර වශයෙන් කපා හැරීමට වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.
යුක්රේන යුද්ධය සහ වෙනත් ගෝලීය සාධක හමුවේ සැපයුම් ජාල ඇණ හිටීම ඊට හේතුව බවයි පැවසෙන්නේ.
වූල්වර්ත්ස් විසින් නිෂ්පාදනය කරන තක්කාලි සෝස් – එළවලු සහ මාංශ නිෂ්පාදන මැලේසියාව – පිලිපීනය – සිංගප්පූරුව සහ හොංකොං හි සුපිරි වෙළඳසැල් වෙත අපනයනය කරනු ලබනවා.

ලබන ජූනි 30 වනදා වනවිට සිය ජාත්‍යන්තර අලෙවි කටයුතු මුලුමණින්ම නතර කරන බවයි වූල්වර්ත්ස් සුපිරි වෙළඳසැල් ජාලය සඳහන් කලේ.
මේ හරහා රැකියා අහිමිවන පිරිස් වෙත සිය සමාගමේ වෙනත් රැකියා ලබාදීමට පියවර ගන්නා බවද ඔවුන් නිවේදනය කර සිටිනවා.
