ඔස්ට්‍රේලියා විදෙස් සරසවි සිසුන් ආහාර – ඖෂධ මග හැරීමේ ප්‍රවණතාවයක

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන විදෙස් සරසවි සිසුන් ආහාර වේල් සහ ඖෂධ මග හැරීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබෙනවා.

එමෙන්ම සිසුන් food bank සඳහා යොමුවීමද කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ.

ක්වීන්ස්ලන්ඩ් හි එක්තරා විශ්ව විද්‍යාලයක පසුගිය මුලු වසර තුළදී food bank වෙත යොමුවී තිබුණේ සිසුන් 900 ක් පමණක් වුවද මෙම වසරේ මුල් මාස 02 තුළදී පමණක් සිසුන් 1000 කට ආසන්න පිරිසක් ඒ සඳහා කටයුතු කර තිබුණා.

අධික තදබදයක් ඇති නොවනු පිණිස food bank වෙත සිසුන් පැමිණිම සීමා කිරීමටද සිදුවී ඇති බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරීන් සඳහන් කර ඇත්තේ.

රැකියා කිහිපයක නිරත වුවද නිවාස කුළී – ගමන් වියදම් සහ ශිෂ්‍ය ණය ගෙවා ගැනීමේ අසීරුතාවයකින් ඔවුන් පෙළෙන බවටයි අනාවරණය වන්නේ.

මේ අතර මාංශ ආහාර මිළ ගණන් ඉහළ යාම හමුවේ සරසවි සිසුන් විශාල පිරිසක් එළවලු ආහාර වෙත යොමුවෙමින් ඇති බවද හෙළිවී තිබෙනවා.

SOURCE : https://www.abc.net.au/news/2023-03-27/university-uq-food-crisis-cost-of-living-student-food-qut/102137568

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »