දැන්වීම් හරහා ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව සූදූ – ඔට්ටු ක්‍රීඩා සඳහා පෙළඹීම ඉහළට

සමාජ මාධ්‍ය – රූපවාහිනී සහ ගුවන් විදුලි දැන්වීම් හරහා ඔස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාව සූදූ සහ ඔට්ටු ක්‍රීඩා සඳහා පෙළඹවීම ඉහළ ගොස් තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 34 ත් අතර පිරිසෙහි තරුණියන් අතුරින් 1/5 ක්ද තරුණයන් අතුරින් 1/7 ක්ද එලෙස වෙළඳ දැන්වීම් හරහා සූදූ ක්‍රීඩාවට නැඹුරුවන බව සඳහන්.

සියයට 41 ක පිරිසක් ඔට්ටු ක්‍රීඩා වල විවිධ ස්වරූපයන් සඳහා පෙළඹෙන බවටත් – සතියකට අවස්ථා 04 ක් හෝ වැඩි ගණනකදී සූදු ක්‍රීඩා සම්බන්ධ වෙළඳ දැන්වීම් සඳහා නිරාවරණය වන බවටත් මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සාමාන්‍ය රූපවාහිනී නාළිකා හරහා පමණක් දිනකට සූදූ හෝ ඔට්ටු ක්‍රීඩා සම්බන්ධ වෙළඳ දැන්වීම් 948 ක් විකාශය කෙරෙන බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 53 ක් රාත්‍රී 10.30 ට පෙර සූදූ ක්‍රීඩා දැන්වීම් විකාශය නතර කල යුතු බවටත් සියයට 47 ක් සමාජ මාධ්‍ය දැන්වීම් සියල්ල නතර කල යුතු බවටත් සමීක්ෂණයකදී මත පළකර තිබුණා.

සූදු සහ ඔට්ටු ක්‍රීඩා වලදී ඔස්ට්‍රේලියානුවන් විසින් වසරකදී අහිමි කරගන්නා මුදල ඩොලර් බිලියන 25 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »