ඔස්ට්‍රේලියානු ඩොලරය පැය 24 කදී රු 11 කින් පහළට

AUD LKR DOLLAR RUPPEE

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් අනුමතවීමත් සමග අද දිනයේදී විදේශ මුදල් ඒකක රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (20) දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 221.62 ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 236.30 ක් ලෙසද සටහන් වී තිබුණා.

කෙසේවෙතත් අද (21) දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 210.84 ක් දක්වාද විකිණුම් මිළ රුපියල් 225.80 ක් දක්වාද අඩුවී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේදී නිකුත් කරනු ලැබූ විනිමය අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.84 ක් ලෙස සටහන්ව ඇති අතර එහි විකිණුම් මිල රුපියල් 334.93 ක්.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු 350 සීමාවේ පසුවූ අතර ගැනුම් මිල රු. 332 ක් ලෙස සටහන් වුවා.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »