ක්වීන්ස්ලන්ඩ් නිවාස කුළී සඳහා උපරිම අගයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස කුළී ගැටලුව විසඳීමට නිවාස කුළී සඳහා උපරිම අගයක් පැණවීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණිකයන් ඇතුලු පාර්ශව රැසක් මුහුණ දෙන ගැටලු සළකා බලා මෙම තීරණය ගත් බවයි.

මේ වනවිට අන්තර් ප්‍රාන්ත සංක්‍රමණයේදී වැඩිම පිරිසක තෝරා ගැනීම වී ඇත්තේ බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් නගරද ඇතුළත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.

එමෙන්ම මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ නිවාස කුළී වැඩිම අගයකින් ඉහළ යන නගරය බවටද පත්වී ඇත්තේ බ්‍රිස්බන් නගරයයි.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන ක්වීන්ස්ලන්ඩ් නිවාස කුළී සඳහා උපරිම අගයක් පැණවීමටයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »