
වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවට පණවා තිබූ පුර්ණ ගින්දර තහනම් (Total Fire ban) ඉවත් කර තිබෙනවා.
කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට එය තවමත් බලාත්මකව පවතිනු ඇති.
අද දිනයේදී බටහිර සිඩ්නි කලාපයේ උෂ්ණත්වය අංශක 40 ක උපරිමයක් ගනු ඇති බවටද කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී ඉහළ උෂ්ණත්වයක පැවති මෙල්බන් සහ ඇඩිලේඩ් නගරවල උෂ්ණත්ව අගයන් අද දිනයේදී අංශක 30 ට අඩුවෙන් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
එහෙත් ක්වීන්ස්ලන්ඩ් උෂ්ණත්වය තවදුරටත් අංශක 35 කට ආසන්නව පැවතිය හැකි බව කාළගුණ නිවේදනයේ සඳහන්.

COMMENTS