මැතිව්ස් සිය 14 වෙනි ටෙස්ට් ශතකය රැස් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 14 වෙනි ශතකය රැස් කිරීමට අද සමත් වුනා.

ඒ නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදීයි.

ඇන්ජලෝ මැතිව්ස් ළකුණු 115 කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ළකුණු 42 ක් රැස්කලා.

සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලූ 07 ක් දැවී ලකුණු 283 ක් ලබා සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලකුණු 355 ක් රැස් කලා.

නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 373 ක්.

තරගය පැවැත්වෙන්නේ ක්‍රයිස්චර්ච් හිදීයි.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »