සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය මේවනවිට ක්‍රියාත්මකයි.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 373ක්.
නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 102ක් රැස් කරනු ලැබුවා.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක්, ළහිරු කුමාර කඩුලු 3ක් සහ කසුන් රාජිත කඩුලු 2ක් දවා ගනු ලැබුවා.
ශ්‍රී ලංකා පිල මේ වන විට සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිස සිටිනවා.
ශ්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 355ක් රැස් කරගනු ලැබුවා.