නිවු සවුත් වේල්ස් දුම්රිය සේවකයන්ට 4.03% ක වැටුප් වැඩිවීමක්

නිවු සවුත් වේල්ස් දුම්රිය සේවකයන්ට සියයට 4.03 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට Fair Work කොමිසම විසින් අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සියයට 03 ක සහ මෙම වසරේ මැයි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි තවත් සියයට 01 ක වැටුප් වැඩිවීමක් ඔවුන්ට හිමිවනු ඇති.

ප්‍රාන්ත රජය විසින් පසුගිය වසරේදී ඔවුන්ට ලබාදීමට පොරොන්දුවී තිබුණේ සියයට 03 ක වැටුප් වැඩිවීමක් පමණයි.

මීට අමතරව එක් වරක් පමණක් ගෙවන ඩොලර් 4500 ක දීමනාවක්ද නිවු සවුත් වේල්ස් දුම්රිය සේවකයන්ට හිමිවනු ඇති.

මෙම වැටුප් වැඩිවීම නිවු සවුත් වේල්ස් ගුරුවරුන් – හෙදියන් – පොලිස් නිළධාරීන් ඇතුලු අනෙකුත් අංශවල සේවකයන්ට හිමිවන වැටුප් වැඩිවීම්වල උපරිමය පවා ඉක්මවා ගොස් ඇති බවටද චෝදනා එල්ලවනවා.

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »