NSW සහ VIC ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ් ආසාධිතයන් ඉහළට

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පෙර සතියට සාපේක්ෂව ඉහළයාමක් සටහන් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් හි පසුගිය සතියේ ආසාධිතයන් 7,163 දෙනෙකු වාර්තා වී තිබුණා.

මෙම සතියේදී එය 7,871 ක් දක්වා ඉහළගොස් ඇති බවයි අද නිකුත් වු සතිපතා වාර්තාවේ දැක්වෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයද සතිපතා කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කරන්නේ පසුගිය සතියේ පැවති කොවිඩ් රෝගීන් 3,016 සිට මෙම සතියේදී 3,319 දක්වා ඉහළයාමක් සමගිනුයි.

මේ අතර ඉන්ෆ්ලූවෙන්සා සමයේ උච්චතම අවස්ථාව වන ජුනි සිට සැප්තැම්බර් දක්වා ආරක්ෂාව සැපයීම සඳහා වාර්ෂික ඉන්ෆ්ලූවෙන්සා එන්නත අප්‍රේල් මාසයේ සිට ලබාගත යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »