ඉන්දු – ඔස්ට්‍රේලියා 04 වන ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීමට දෙරටෙහි අගමැතිවරුන්ද සහභාගී වී තිබෙනවා.
සිය ඉන්දීය නිල සංචාරය අතරතුරදී හයිද්‍රාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගය නැරඹීමට අගමැති ඇන්තනී ඇල්බනීස් පැමිණ සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සමගයි.
වඩා හොඳ ලෝකයක් බිහිකිරීමට ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව එක්ව කටයුතු කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් මෙහිදී සඳහන් කලා.
තරගය නැරඹීමෙන් අනතුරුව ට්විටර් සටහනක් තබමින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් පිටියේදී ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ලෝකයේ හොඳම ක්‍රීඩකයින් වීමට තරග කරන බවයි.
මේ අතර ඉන්දීය සහ ඔස්ට්‍රේලියා අගමැතිවරුන් දෙදෙනා අතර ගිවිසුම් 03 කට අද අත්සන් තැබීමටද නියමිතයි.