මෙල්බන් ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ අයෙකු සොයා විමර්ශන

මෙල්බන් වයඹ දිග ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ පුද්ගලයෙකු සොයා වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 04 වනදා Melton Highway අසලදී අලුයම 02.15 ට පමණ නිල් පැහැති BMW වර්ගයේ මෝටර් රථයකින් පැමිණි සැකකරු මෙලෙස ඉන්ධන පිරවුම්හලට කඩා වැදී බලහත්කාරයෙන් කෑන් කිහිපයකට ඉන්ධන පුරවාගෙන ගොස් තිබුණා.

එමෙන්ම දුම්වැටි සහ මුදල් තොගයක්ද ඔහු විසින් රැගෙන ගොස් ඇති බව සඳහන්.

අදාළ මෝටර් රථයේ වාහන අංක තහඩුව වෙනස් කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

https://www.9news.com.au/national/hillside-crime-search-for-two-men-after-hold-up-at-service-station-in-melbournes-west/3c45169a-7d0a-48b7-bb9b-e2a2ad77e43a

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »