Search

වෛද්‍ය නිර්දේශ නොමැතිව එන්නත් සහ ඖෂධ දීමට ACT ඔසුසැල් හිමියන්ට බලතල

වෛද්‍යවරයෙකුගේ නිර්දේශ පත්‍රිකාවක් නොමැතිව වුවද ඇතැම් එන්නත් සහ ඖෂධ රෝගීන්ට ලබාදීමේ බලතල ඔසුසැල් හිමියන්ට ලබාදීමට ACT ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මෙම මාසයේ මැදභාගයේ සිට එම අනුමැතීන් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

මේ හා සමාන නියමු ව්‍යාපෘති 02 ක් නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවලදීත් ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ඔසුසැල් හිමියන් විසින් ඊට දැඩි විරෝධයක් පළකර ඇත්තේ වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ලබාදීමෙන් රෝගීන්ට බලපෑම් එල්ලවිය හැකි බව දක්වමින්.

ඇතැම් ඔසුසැල් හිමියන්ට පූර්ණව ඖෂධ පිළිබඳ දැනුමක් නොමැති බවත් එහිදී සඳහන් කෙරුණා.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »