Superannuation බදු වැඩි කිරීමට ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 05 ක් ?

ෆෙඩරල් රජය විසින් යෝජනා කර ඇති superannuation බදු වැඩි කිරීමට ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 05 කට ආසන්න පිරිසක් අයත්වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

superannuation ගිණුමේ ශේෂය ඩොලර් මිලියන 03 ට වැඩි අයගෙන් සියයට 30 ක බදු අයකර ගැනීමක් 2025 වසරේ සිට බලාත්මක වන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාම්ර්ස් පසුගියදා නිවේදනය කලේ.

අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ 80,000 කට ආසන්න පිරිසක් පමණ ඊට යටත් වනු ඇති බවයි.

කෙසේවෙතත් තවත් දශක කිහිපයක් ගතවනවිට එම සංඛ්‍යාව 500,000 දක්වා ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඩොලර් ට්‍රිලියන 3.3 ක ශේෂයක් ඇති superannuation අරමුදලට තවත් වටිනාකමක් ලබාදීම මෙහි අරමුණ බවද අගමැතිවරයා ප්‍රකාශ කලා.

superannuation අරමුදලේ එක් අයෙකු සතු සාමාන්‍ය ශේෂය ඩොලර් 150,000 ක් බවද මෙහිදී සඳහන් කෙරුණා.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »