Search

ස්නායු රෝගීන්ට රොබෝ ප්‍රතිකාර – ඔස්ට්‍රේලියාවේ පළමු සායනය මෙල්බන් හිදී

කායික සහ ස්නායු ආබාධවලින් පෙළෙන රොගීන්ට රොබෝ තාක්ෂණය යොදාගෙන ප්‍රතිකාර කෙරෙන ඔස්ට්‍රේලියාවේ පළමු සායනය මෙල්බන් නුවරදී විවෘත කර තිබෙනවා.

කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය යොදාගෙනයි ආඝාතය – පිට කොන්දේ ආබාධ මෙන්ම දීර්ඝ කොවිඩ් වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම සායනය පිහිටුවා ඇත්තේ.

දෑත් සහ පාද චලනයට අපහසු රෝගීන්ට ඒ සඳහා උපකාර කිරීමත් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහාත් මෙහිදී රොබෝ යන්ත්‍රවල සහය ලබාගැනෙනු ඇති.

මෙම ස්ථානයේදී පළමුවෙන් රෝගීන් 100 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සිදුවනවා.

ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් කිහිප ගුණයකින් ඉහළ නැංවීමට නියමිත බව සඳහන්.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »