Search

සේවක හිගය හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම ඉහළට

සේවක හිගය හමුවේ බටහිර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන වසා දමා මෙහෙයුම් අවසන් කිරීම ඉහළ යමින් පවතින බව අනාවරණ වී තිබෙනවා.

අවන්හල් – සිල්ලර වෙළඳ සැල් සහ ගොවිපොළ ඇතුලු ක්ෂේත්‍ර රැසක ව්‍යාපාරික ස්ථාන ඒ අතර වන බව සඳහන්.

විශේෂයෙන් බටහිර ඔස්ට්‍රේලියාවේ සෑම Regional ප්‍රදේශයකම පාහේ මෙම තත්වය දක්නට ලැබෙන බවයි මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වි ඇත්තේ.

කොවිඩ් වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව ගිය විදේශීය සේවකයන් අති බහුතරයක් නැවතත් රටට නොපැමිණිම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

පසුගිය වසරවලදී නත්තල් – පාස්කු කාලසීමාවලදී පවා විවෘතව පැවති අවන්හල් ගණනාවක් මෙලෙස වසා දැමීමේ අවධානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සේවක හිගය අවසන් කිරීමට ජාත්‍යන්තර සිසුන් හා පුහුණු ශ්‍රමිකයන්ට සහන රැසක් ලබාදුන්නද එම ක්‍රියාමාර්ග මෙතෙක් සාර්ථක වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »