ටස්මේනියානු දේශසීමා COVID-19 අඩු අවදානම් සහිත ප්‍රාන්තවලට නැවත විවෘත කිරීමට නියමිතයි.

ටස්මේනියානු දේශසීමා COVID-19 අඩු අවදානම් සහිත ප්‍රාන්තවලට නැවත විවෘත කිරීමට නියමිතයි.

Tasmanian borders set to reopen to low-risk COVID-19 states.

ටස්මේනියා ප්‍රාන්තය ඕස්ට්‍රේලියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකිය​ හැකිය​. දැනටමත් එළඹෙන දෙසැම්බර් නිවාඩු සමයේ අන්තර් ප්‍රාන්ත සංචාරකයින් තම​ නිවාඩු සැලසුම් කිරීමට පටන් ගෙන තිබේ.

නිරෝධායනයකින් තොරව උතුරු ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව, බටහිර ඕස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්තය සහ ACT ප්‍රදේශවල ජනතාවට සඳුදා(26/10) සිට ටස්මේනියාවට ඇතුළු විය හැකිය.

නොවැම්බර් 2 වනදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සඳහා ටස්මේනියා ප්‍රාන්ත දේශ සීමා විවෘත කිරීමට අපේක්‍ෂා කෙරේ. 

නිරෝධායනයකින් තොරව නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියානුවන්ට ඇතුළු විය හැකි වන තෙක් සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව ටස්මේනියානු සංචාරක ක්‍රියාකරුවන් පවසයි.

වයස්ගත සත්කාර සේවා සපයන්නන් පවසන්නේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂක පියවරයන් ඕනෑම අවදානමකට ප්‍රතිචාර දැක්වීම සඳහා හොඳ ස්ථාවරයක සිටින බවයි.

 

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »