ඔස්ට්‍රේලියානුවන්ට හිමිවිය යුතු $ බිලියන 16 ක් බදු කාර්යාලයේ හිරවෙයි

ඔස්ට්‍රේලියානුවන් විසින් ඔවුන්ට හිමිවිය යුතු ඩොලර් බිලියන 16 ක මුදල් මෙතෙක් ලබාගෙන නොමැති බව බදු කාර්යාලය (ATO) පවසනවා.

පසුගිය මූල්‍ය වර්ෂයේදී පමණක් ඩොලර් බිලියන 2.1 ක පමණ මුදලක් එලෙස අලුතින් එකතුවී ඇති බවයි අද නිකුත් වූ වාර්තාවක සඳහන් වන්නේ.

2019 වසරේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් මෙලෙස රඳවාගෙන සිටින මුදල ඩොලර් බිලියන 5.6 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

නව රැකියාවකට යොමුවීමේදී – වාසස්ථානය වෙනස් කිරීමේදී සහ පුද්ගලික තොරතුරු නිසි පරිදි යාවත්කාලීන නොකිරීම මීට ප්‍රධාන හේතුව බවටයි අනාවරණ වන්නේ.

බදු කාර්යාලය ඔස්ට්‍රේලියානුවන්ට දන්වා සිටින්නේ ඔවුන්ගේ පුද්ගලික ගිණුම් වෙත පිවිස ලබාගත යුතු මුදලක් ඇත්නම් වහා එය ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »