මෙවර නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයේදී කිසදු පක්ෂයකට බහුතර බලයක් නොලැබෙනු ඇති බවට නවතම සමීක්ෂණයක් අනාවරණය කර තිබෙනවා.
අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් 1,147 දෙනෙකු යොදාගෙන පසුගිය මාසයේදී සිදුකල මත විමසුමකදීයි එය හෙළිවී ඇත්තේ.
ප්‍රධාන පක්ෂ 02 සැළකීමේදී ලේබර් පක්ෂය දැනට ඉදිරියෙන් පසුවන්නේ සියයට 52 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනුයි.
කෙසේවෙතත් එය දෙසැම්බර් මාසයට වඩා සියයට 03 ක පහළයාමක්.
ලිබරල් ජාතික සන්ධානය සඳහා ඇති කැමැත්ත පසුගිය දෙසැම්බර් මාසයට වඩා සියයට 03 කින් ඉහළ ගොස් ඇත්තේ සියයට 48 දක්වායි.
2007 වසරෙන් පසු මේ දක්වා පැවති නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණවලදී කිසිදු අවස්ථාවක පක්ෂයක් සියයට 40 ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතය (Primary Vote) ඉක්මවා ගොස් නැහැ.