ඔස්ට්‍රේලියානුවන් සයිබර් ප්‍රහාරවලින් වළක්වාගැනීමට නව ෆෙඩරල් ආයතනයක්

ඔස්ට්‍රේලියානුවන් මහා පරිමාණ සයිබර් ප්‍රහාරවලින් වළක්වාගැනීම සඳහා නව ෆෙඩරල් ආයතනයක් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා.

ඔප්ටස් – මෙඩිබෑන්ක් වැනි ආයතන වෙත පසුගිය වසරේදී එල්ල වූ ආකාරයේ දැවැන්ත සයිබර් ප්‍රහාර එල්ලවීම වළක්වා ගැනීම සහ ඉන් පාරිභෝගිකයන් ගළවා ගැනීම මෙහි අරමුණයි.

පැවති ස්කොට් මොරිසන් රජය විසින් ඩොලර් බිලියන 7.1 ක් වැයකල ක්‍රියාත්මක කල සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තිය මෙහිදී පූර්ණ වෙනසකට ලක් කෙරෙනු ඇති.

ඒ අනුව සයිබර් ප්‍රහාරවලදී හෝ ඔන්ලයින් තර්ජනයකදී වගකීම භාරගැනීම සඳහා සයිබර් ආරක්ෂණ සම්බන්ධීකරණ නිළධාරියෙකු පත් කිරීමට නියමිතයි.

ජාතික සයිබර් කාර්යාලයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කිරීමද මේ යටතේ සිදුවනවා.

මේ සඳහා ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ උපරිම සහය ලබාගැනීමටද සැළසුම් කර තිබෙනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »