ජීවන වියදම ඉහළයාමෙන් විදෙස් සිසුන් අසීරුතාවයට

ජීවන වියදම ඉහළයාම හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් දැඩි අපහසුතාවයකට ලක්වන බවට අනාවරණය වනවා.

නිවාස කුළී ඉහළයාම ඉන් ප්‍රධාන ගැටලුවක් බවයි වෙළඳපොළ විචාරකයන් පෙන්වා දෙන්නේ.

දැනට විදෙස් සිසුන් සඳහා සති 02 කට පැය 40 ඉක්මවා රැකියාවල නිරතවිය හැකිවුවද ලබන ජූනි මාසයේදී එය අවසන් කිරීමට නියමිතයි.

ඒ අනුව නැවතත් පැය 20 නීතිය බලාත්මක වීමත් සමග ඉපැයිය හැකි මුදලද අඩුවීමෙන් ජාත්‍යන්තර සිසුන් තවත් අපහසුතාවයට ලක්වනු ඇති බව සඳහන්.

මෙම තත්වයත් සමග බොහෝ ජාත්‍යන්තර සිසුන් අඩු පිරිවැය ක්‍රම සහ හවුලේ බෙදා ගැනීම් වෙත යොමුවීම ඉහළ ගොස් ඇති බවද සඳහන්.

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »