මෙල්බන්හි ලාංකික නර්තන ඉතිහාසයේ නව පිටුවක් හෙට පෙරළෙයි

මෙල්බන්හි ශ්‍රී ලාංකික නර්තන ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් රංගන – උදුම්බරා නර්තන කණ්ඩායමේ 02 වන කළඑළි මංගල්‍යය හෙට පැවැත්වෙනවා.

හෙට පෙරවරු 08.30 ට කීස්බරෝ ධම්ම සරණ විහාරස්ථානයේදී චාරිත්‍රානුකූල වතාවත් සිදුකරමින් මෙම උත්සවය පැවැත්වෙනු ඇති.

රංගන – උදුම්බරා නර්තන කණ්ඩායම මෙල්බන් හි ස්ථාපිත කර මේ වනවිට වසර 20 ක කාලයක් ගතවන අතර මෙරට පළමු කළඑළි මංගල්‍යය 2014 වසරේදී පවත්වා තිබුණා.

එහිදී දියණිවරුන් 10 ක් සිය නර්තන හැකියාවන් ලොවට විවරකල අතර හෙට දිනයේදී දියණියන් 08 දෙනෙකු සහ එක් පුත්‍රයෙකු කළඑළි මංගල්‍යයට සහභාගී වනවා.

රංගන – උදුම්බරා නර්තන කණ්ඩායමේ නිර්මාතෘ රංගන රත්නතුංග සහ උදුම්බරා රත්නතුංග ගේ දියණියක සහ පුතණුවෙකුද ඒ අතර වීම විශේෂත්වයක්.

වසර 15 කට අධික කාලයක් පුහුණුව ලත් නර්තන ශිල්පිනියන් පිරිසක්ද හෙට දිනයේදී කළඑළි බැසීමට සූදානමින් පසුවනවා.

මෙවර කළඑළි මංගල්‍යය පෙර වසරවලට වඩා විශේෂත්වයක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් 03 දෙනෙකුගේ දායකත්වයද ලැබී තිබීම ඊට හේතුවයි.

මේ අතර හෙට දිනයේදී කළඑළි බසින නර්තන ශිල්පි – ශිල්පිනියන් වේදිකාවක් මත ඔවුන්ගේ දක්ෂතා දක්වන රංගාභිෂේක උත්සවය ලබන 25 වනදා පස්වරු 06 ට මෙල්බන් බීසන් ශාලාවේදි පැවැත්වීමට නියමිතයි.

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »