
ඉදිරි වසර 08 තුළදි ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව ලක්ෂ 30 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
ඒ අනුව 2030 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ ජනගහණය සියයට 10 කට වැඩි අගයකින් ඉහළ යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
මෙවර අයවැයට අනුව වසරකදී ඔස්ටේරලියාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන මුලු සංක්‍රමණිකයන් සංඛ්‍යාව 235,000 සීමාව ඉක්මවා යනු ඇතැයිද සඳහන්.

ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන උපත් සංඛ්‍යාවද සළකා බැලීමේදී වාර්ෂිකව අලුතින් 365,000 ක පමණ ජනගහණ වර්ධනයක් ඒ අනුව අපේක්ෂා කෙරෙන බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙන්නේ.
පසුගිය මාර්තු 31 වනදා වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණය සටහන්වී තිබුණේ දෙකෝටි 58 ලක්ෂ 90 දහස් 773 ක් (2,58,90,773) ලෙසයි.
