
අඩු වැටුපට වැඩි සේවයක් ගැනීම අපරාධමය වරදක් බවට පත් කිරීමට Northern Territory ප්‍රාන්තයද තීරණය කර තිබෙනවා.
වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල දැනටමත් මෙම නීති බලාත්මක වන අතර සේවකයන්ට අඩු වැටුප් ගෙවන ආයතනවලට ඩොලර් මිලියනයක පමණ දඩයකට යටත්වීමටද සිදුවනවා.
Northern Territory ප්‍රාන්තයේ සැලසුම වී ඇත්තේ මෙම වසර තුළ නව නීති සම්මත කරගැනීමයි.

කොවිඩ් සමයට පෙර නිකුත් කෙරුණු වාර්තාවක සඳහන් වූයේ ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණික සේවකයන් අතුරින් 1/3 කට වැඩි පිරිසක් අවම වැටුපට අඩුවෙන් ලබන බවයි.
ඉන්දීය – චීන සහ ස්පාඤ්ඤ ජාතිකයන් එවායෙහි වැඩි වශයෙන් ගොදුරු බවට පත්වන බවද එහිදී අනාවරණය වුණා.
