Northern Territory රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

Northern Territory හි වත්මන් කම්කරු පක්ෂ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ප්‍රාන්ත විපක්ෂය සූදානම් වනවා.

ඒ ඇල්කොහොල් තහණම ඉවත් කිරීමත් සමග ඇලිස් ස්ප්‍රිංග්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට නිසි පියවරක් නොගත් බවට චෝදනා කරමිනුයි.

ඇල්කොහොල් තහණම ඉවත්වන බව දැනුවත්ව කිසිදු පූර්ව ක්‍රියාමාර්ගයක් සැළසුම් නොකළ බවටයි Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් ඇතුලු කම්කරු පක්ෂ රජයට චෝදනා එල්ල වන්නේ.

මාස කිහිපයක් පුරා Northern Territory හි පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට නිසි පියවරක් අනුගමනය නොකිරීමද පාදක කරගෙන මෙම විශ්වාස භංග යෝජනාව සකස් කර තිබෙනවා.

මේ අතර තම රජය අතින් කිසිදු අතපසුවීමක් සිදු නොවූ බැවින් කණගාටුව පළ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව Northern Territory ප්‍රධාන අමාත්‍ය නටාෂා ෆයිල්ස් අවධාරණය කරනවා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »