Search

තුර්කි භූමිකම්පාවෙන් ඔස්ටේ්‍රලියානුවන් 04 දෙනෙකු තවමත් අතුරුදන්

තුර්කි භූමිකම්පාවෙන් ඔස්ටේ්‍රලියානුවන් 04 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් පිළිබඳ තොරතුරක් අපේක්ෂාවෙන් පසුවන බවයි අද නිකුත් කෙරුණු නිල වාර්තාවක සඳහන් වන්නේ.

බලපෑමට ලක්වූ කලාපයේ වාසය කරන තවත් ඔස්ටේ්‍රලියානුවන් 40 කට ආසන්න පිරිසකට කොන්සියුලර් සහය සැපයීමටද විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පෙරේදා සිදුවු භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 8000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර එය 20,000 කට පමණ ආසන්න විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

මානුෂීය සහනාධාර ලෙස තුර්කියට ඩොලර් මිලියන 10 ක උපකාර සැපයීමටද ඔස්ටේ්‍රලියාව පියවර ගනු ලැබුවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »