03 වන චාර්ල්ස් රජුගේ මුද්දර එළි දකී

03 වන චාර්ල්ස් රජුගේ රුව දැක්වෙන මුද්දර බ්‍රිතාන්‍ය තැපැල් සේවය විසින් එළි දක්වා තිබෙනවා.

ලබන අප්‍රේල් මාසයේ සිට ඒවා බ්‍රිතාන්‍යය තුළ අලෙවි කිරීමට නියමිතයි.

මුද්දරයක් මත රුව නිරූපණය කෙරෙන බ්‍රිතාන්‍යයේ 07 වන රාජ්‍ය නායකයා බවට මේ අනුව චාර්ල්ස් රජු පත්වනු ඇති.

ඔහුගේ සේයාරුව ඔටුන්න නොමැතිව දක්වා තිබීමද විශේෂත්වයක්.

චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් මුද්දර නිකුත් කෙරුණද එළිසබෙත් රැජිණගේ රුව ඇතුළත් මුද්දරද අඛණ්ඩව වලංගු වනු ඇති.

ඔස්ටේ්‍රලියාවේ ඩොලර් 05 නෝට්ටුවට චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් නොකිරීමට ඔස්ටේ්‍රලියා ෆෙඩරල් සංචිත බැංකුව පසුගියදා තීරණය කලා.

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »