සුවකල නොහැකි රෝගවලින් පෙළෙන්නන් ස්වකැමැත්තෙන් මරණය ළගා කර ගැනීමේ නීතිය දකුණු ඔස්ටේ්‍රලියාව තුළද බලාත්මක කර තිබෙනවා.
මේ අනුව මෙම වසර තුළදී එම රෙගුලාසි බලාත්මක වන දෙවන ප්‍රාන්ත බවට ඔවුන් පත්වනු ඇති.
පසුගිය ජනවාරි පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේද මෙම නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වුණා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය ලබන නොවැම්බර් 28 වනදා සිට ස්වකැමැත්තෙන් මරණය ළගා කර ගැනීමේ නීතිය ක්‍රියාත්මක කරන අතර ඒ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 06 ක එම නීතිය බලාත්මක වනු ඇති.
වික්ටෝරියා – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත දැනටමත් එය ක්‍රියාවට නංවා තිබෙනවා.
Northern Territory සහ ACT යන ප්‍රාන්තද ඉදිරියේදී මේ සඳහා අනුගතවිමට නියමිතයි.
2019 වසරේ ජූනි මාසයේ සිට පසුගිය වසරේ ජූනි මාසය දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් 604 දෙනෙකු ස්වකැමැත්තෙන් මරණය ළගා කර ගෙන තිබුණා.