ඔස්ට්‍රේලියා ක්‍රිකට් සංචාරය ගැන වාර්තාව නීතිපතිට

ඔස්ටේ්‍රලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවූ විවිධ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලු පංච පුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා යොමු කර තිබෙනවා.

එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කලේ.

බෝන් අගේන් නම් ආගමික කණ්ඩායමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මතුවූ ගැටලූ පිළිබඳව ද මෙම වාර්තාවේ තොරතුරු ඇතුළත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාගැනීමටයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් හා නිර්දේශ මත ඉදිරි පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව සඳහන්.

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

දින 4ක මෙහෙයුමකින් 16 හැවිරිදි දැරියක් ඇතුලු 554ක් අත්අඩංගුවේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉලක්ක කර ගනිමින් සිදු කළ දින හතරක මෙහෙයුමක් අතරතුර පුද්ගලයන් 550කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »