NSW පෝකර් යන්ත්‍ර සංඛ්‍යාව අඩු කිරීමේ සැළසුමක්

දේශපාලන පක්ෂ සඳහා සමාජ ශාලාවලින් ආධාර ලබාගැනීම තහනම් කිරීමට නිවු සවුත් වේල්ස් කම්කරු පක්ෂය සූදානම් වනවා.

එමෙන්ම ප්‍රාන්තයේ පවතින පෝකර් යන්ත්‍ර සංඛ්‍යාවද අඩු කරන බවටයි ඔවුන් ප්‍රතිඥා දෙන්නේ.

පසුගිය වසරේ ජූනි මාසය වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පැවති සක්‍රීය පෝකර් යන්ත්‍ර සංඛ්‍යාව 86,640 ක්.

ලබන මාර්තු 25 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් මෙම ප්‍රතිසංස්කරණ සිදුකරන බවට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට විපක්ෂය ලෙස කටයුතු කරන ලේබර් පක්ෂය දන්වා සිටිනවා.

ඊට අමතරව සූදු සහ ඔට්ටු තැබීමේ ව්‍යාපාරය ආශ්‍රිත වංචා වැළැක්වීමට තවත් පියවර රැසක් හඳුන්වාදෙන බවටද ඔවුන් සහතික වනවා.

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »