Search

ඉහළගොස් තිබූ ඔස්ටේ්‍රලියාවේ ගුවන් ගාස්තු නැවතත් පහළට

වසර 02 කට ආසන්න කාලයක් ඉහළගොස් තිබූ ඔස්ටේ්‍රලියාවේ ගුවන් ටිකට්පත් ගාස්තු නැවතත් අඩුවීමට පටන්ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කොවිඩ් වසංගතයට පෙර 2018-2019 කාල සීමාවේ පැවති ගුවන් ගමන් ගාස්තු හා සැසඳීමේදී එය තවදුරටත් ඉහළ අගයකයි පවතින්නේ.

නිවාඩු සමය තුළදි ඔස්ටේ්‍රලියාව තුළ ගුවන් ගමන් ගාස්තු ඉහළ දැමීමට ඇතැම් සමාගම් සූදානම් වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඒ පිළිබඳ සමිපව නිරීක්ෂණය කරන බවටයි පාරිභෝගික කොමිසම අනතුරු ඇගවීමක් සිදුකලේ.

ඒ අනුව ගුවන් ගමන් ගාස්තුවල කිසියම් ස්ථාවරවීමක් දක්නට ලැබෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් 2019 වසරේ ඔක්තෝබර් මාසය හා සැසඳීමේදී 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට ගුවන් ගමන් ගාස්තු සියයට 27 කින් පමණ ඉහළගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවල දැක්වෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »