Long COVID හෙවත් දීර්ඝ කොවිඩ් තත්වයේ සංකූලතා තුරන්වීමට වසරකට ආසන්න කාලයක් ගතවනු ඇති බවට නවතම අධ්‍යයනයකදී තහවුරු වී තිබෙනවා.
නිසි එන්නත්කරණයෙන් තොර පුද්ගලයන්ට එය තවත් කල් ගත විය හැකි බවයි මෙහිදි අනාවරණ වී ඇත්තේ.
Long COVID තත්වය යනු පළමු වරට කොවිඩ් රෝගය වැළඳී සති 04 කට පසුවද නැවත නැවතත් රෝග ලක්ෂණ මතුවීමයි.
ඔස්ටේරලියාව තුළද සැළකිය යුතු පිරිසක් තත්වයෙන් පීඩා විඳින බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක දක්වා තිබුණේ.