දින 250 කින් භාණ්ඩ 10,000 ක් බෙදූ ඔස්ටේ්‍රලියාවේ ලාංකික ව්‍යාපාරය

ඉතාම කෙටි කාලයකින් වැඩිම ජනප්‍රියත්වයක් සහ ලාංකිකයන් අතර ඉහළම විශ්වාසයක් දිනාගත් භාණ්ඩ බෙදා හැරිමේ සේවාව බවට Ausi Gift (www.ausigift.com) තවත් කඩඉමක් පසු කර තිබෙනවා.

ඒ සිය සේවාව ආරම්භ කල දින 250 ක් ඇතුළත භාණ්ඩ මලු 10,000 ක් බෙදා හැර අවසන් කිරීමයි.

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 40 ක් පුරා Ausi Gift සේවාව විහිදි පවතිනවා.

පසුගිය අප්‍රේල් 07 වනදා නිල වශයෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කල, මෙම කාලය තුළදී ලාංකිකයන් දහස් සංඛ්‍යාත පිරිසකට සේවා සපයා ඇති www.ausigift.com කෙරෙහි පාරිභෝගිකයන් කථා කරනුයේ ප්‍රශංසා මුඛයෙනුයි.

පැය 04 ක් තුළ ලංකාවේ ඕනෑම ස්ථානයකට අත්‍යවශ්‍ය ආහාර මල්ලක් ආරක්ෂාකාරීව බෙදා හැරීමේ අරමුණ ඇතිවයි අයිඩියා ගෲප් විසින් මෙම මහගු සත්කාරය ආරම්භ කරනු ලැබුවේ.

ලොව ඕනෑම ස්ථානයක සිට එතරම් අඩු කාලයකින් ශ්‍රී ලංකාවට භාණ්ඩ බෙදා හැරීමක් සිදුවන පළමු අවස්ථාවද මෙය වනවා.

ලෝකයේ ඕනෑම තැනක සිට මෙම ඇණවුම් ලබාදිය හැකි අතර ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් සිට මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වෙයාර් හවුස් පිහිටුවා ඇති බැවින් ඉතා කඩිනමින් භාණ්ඩ බෙදා හැරීම සිදුකිරීමට අවස්ථාව තමන් සතු බවයි අයිඩියා ගෲප් දන්වා සිටින්නේ.

Ausi Gift සේවාව – www.ausigift.com

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »