වික්ටෝරියා ප්‍රාන්තයේ අද මධ්‍යම රාත්‍රියේ සිට කොරෝනා නීති වෙනස් වන ආකාරය මෙසේය​.

වික්ටෝරියා ප්‍රාන්තයේ අද මධ්‍යම රාත්‍රියේ සිට කොරෝනා නීති වෙනස් වන ආකාරය මෙසේය​.

Here’s how coronavirus rules change in Victoria from midnight today.

අද(18/10) රාත්‍රී 11:59 සිට මෙට්‍රෝ මෙල්බර්න් හි;

  • ව්‍යායාම සඳහා නිවසින් පිටවීම හෝ එළිමහනේ කාලය​ ගත කිරීම සඳහා කාල සීමාවක් නොමැත.
  • ගමන් දුර කිලෝමීටර් 25 ක් දක්වාත් නිවෙස් දෙකකින් එළිමහන්රැස්විය හැකි පුද්ගලයින් ගණන 10 දෙනෙකු දක්වාත් ඉහළ යනු ඇත.
  • ටෙනිස්, ස්කේට් උද්‍යාන, ගොල්ෆ් උද්‍යාන නැවත විවෘත වේ.
  • කොණ්ඩා මෝස්තර සාප්පු නැවත විවෘත වේ.
  • දේපල වෙන්දේසි සඳහා උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට​ සහභාගී විය හැකිය.
  • වාණිජ දේපල වෙළඳාම් පරීක්ෂණ සිදුවිය හැකිය.
  • එළිමහන් තටාකවල පිහිනුම් ක්‍රීඩකයින් 30 දෙනෙක් සහභාහී විය හැකි අතර​ ගෘහස්ථ තටාක සඳහා​ සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ වරකට එක් අයෙක් (one-on-one) සඳහා විවෘත වේ.
  • අත්‍යවශ්‍ය නොවන එළිමහන් නිවාස නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම සහ නිවාස පින්තාරු කිරීම උපරිම සේවකයින් පස් දෙනෙකු සමඟ සිදුවිය හැකිය.
  • ඒකල හෝ ස්වයංක්‍රීය කාර් සේදීම සහ තටාක පිරිසිදු කිරීම සඳහා අවසර දෙනු ලැබේ.
  • ජංගම හෝ ගෘහ ව්‍යාපාරික සුරතල් සතුන් ඇති කිරීමට අවසර ඇත.
  • එළිමහන් ඡායාරූපකරණයට අවසර ඇත.
  • සෞඛ්‍ය සේවාවන් (allied health services) නැවත යථා තත්වයට පත්වේ.

අද රාත්‍රී 11:59 සිට කලාපීය වික්ටෝරියා හි:

  • දෙදෙනෙකුට ඔවුන් ගේ යැපෙන්නන් ඇතුලුව​ වෙනත් නිවසකට යාමට​ අවසර ඇත. ඔබේ නිවසට​ විවිධ පවුල් පැමිණිය හැකි නමුත් ඔවුන්ට නිවසට පැමිණිය හැක්කේ දිනකට එක් වරක් පමණි.
  • ආගන්තුක සත්කාර සේවාවන් (hospitality) සඳහා පිටත රැස්විය හැකි පුද්ගලයින්  70 ක් සහ ඇතුළත පුද්ගලයින් 40 ක් දක්වා ධාරිතාව වැඩි කළ හැකිය.
  • එළිමහන් ආගමික රැස්වීම් පුද්ගලයින් 20 ක් දක්වා ඉහළ යනු ඇත.
  • ගෘහස්ථ තටාක වයස අවුරුදු  18 සහ ඊට අඩු සඳහා උපරිම වශයෙන් පිහිනුම් ක්‍රීඩකයින් 20 දෙනෙකු සඳහා විවෘත වේ.
  • උපරිම වශයෙන් පුද්ගලයින් 20 ක් සහිතව පුස්තකාල, සෙල්ලම් පුස්තකාල නැවත විවෘත වනු ඇත.
  • නිවැසියන්ට වරකට එක් පුද්ගලයෙකුට වඩා රැකවරණය දීමට​ යා හැකිය.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »