වෛද්‍යවරුන්ට විවේක තහනම් කල සිඩ්නි රෝහලකට දොස්

රාත්‍රී සේවා මුරවලදී කෙටි නින්දක් ලබාගන්නා ආධුනික වෛද්‍යවරුන් සේවයෙන් නෙරපා හරින බවට සිඩ්නි රෝහලක් අනතුරු අගවා තිබෙනවා.

අදාළ වෛද්‍යවරුන් වෙත යොමු කර ඇති ලිපියක දක්වා ඇත්තේ ඔවුන්ට වැටුප් ගෙවනුයේ රාජකාරි කිරීම සඳහා බැවින් සේවා මුරයේදී නිදා ගැනීම කිසිසේත් අනුමත නොකරන බවයි.

වෛද්‍ය විවේකාගාරයේ ඇති සියලු සැප පහසු ආසන ඉවත් කර පහසුකම් අඩු පුටු ස්ථාපනය කරන බවටද එමගින් දන්වා තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ වෘත්තිය සමිති දැඩි විරෝධය පළකර ඇති අතර අධික රාජකාරි හමුවේ කෙටි විවේකයක් ලබාගැනීම පිළිබඳ කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි බවටයි චෝදනා කර ඇත්තේ.

දැඩි වෛද්‍ය හිගයක් මධ්‍යයේ පවා රෝගීන්ට ඉහළම සේවයක් සපයන වෛද්‍යවරුන්ට උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව සේවය කිරීම සඳහා කෙටි විවේක අවශ්‍ය බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »