නත්තල හමුවේ Foodbank වෙතින් ආහාර ආධාර ඉල්ලීම් ඉහළට

පසුගිය නත්තල් කාලසීමාවන්ට වඩා මෙවර ආහාර ආධාර ඉල්ලා ලැබෙන ඉල්ලීම් සංඛ්‍යාව ඉහළගොස් ඇතැයි Foodbank පවසනවා.

ජීවන වියදම ඉහළයාම / උද්ධමනය සහ ස්වභාවික ආපදා වැනි කරුණු ඊට බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වෙනත් වසරවලදී නත්තල් සමය සඳහා ආහාර ආධාර ඉල්ලීම් ලැබෙනුයේ දෙසැම්බර් අවසාන සතිවලදී වුවද මෙවර නොවැම්බර් ආරම්භයේ සිටම විශාල වශයෙන් ඉල්ලීම් ලැබුණු බවද Foodbank ප්‍රකාශ කර සිටිනවා.

රැකියාවල නියුතු පිරිස් පවා ඒ අතර වන බවත් ජීවන වියදම ඉහළයාම හමුවේ ඉතුරුම් අඩුවීම ඊට හේතුව බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.

සහල් – එළවලු – පළතුරු වැනි ආහාර ද්‍රව්‍යයන් සඳහායි මෙවර නත්තල් සමයේදී වැඩිම ඉල්ලුමක් Foodbank වෙත ලැබී ඇත්තේ.

Foodbank සඳහා උපකාර කල හැකි ආකාරය – https://www.foodbank.org.au/you-can-make-a-difference-this-christmas

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »