
අද සිට ක්‍රියාත්මක Black friday sales දීමනා කාලය තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් ඩොලර් බිලියන 04 ක පමණ මුදලක් වියදම් කරනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.
ඉදිරි දින 04 ක කාලය සඳහායි මෙම මුදල පුරෝකථනය කර ඇත්තේ.
එමෙන්ම මෙවර නත්තල් සමය තුළදී ඔස්ටේ්‍රලියානුවන් විසින් වියදම් කරනු ඇති බවට අනාවැකි පළවන මුදල ඩොලර් බිලියන 64 ක්.

එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 03 ක පමණ ඉහළයාමක් වනවා.
මේ අතර ඊයේ නිකුත් වූ වාර්තාවක සඳහන් වූයේ Black friday sales මුවාවෙන් ඔස්ටේ්‍රලියානුවන් විවිධ වංචාවලට හසුවීමේ වැඩි ප්‍රවණතාවයක්ද පවතින බවයි.
