ගෙදර වාහනයේ යන ළමුන්ගෙන් 90% ක් අනාරක්ෂිතලු – AusLanka TV – Australian News for the Sri Lankan community

ගෙදර වාහනයේ යන ළමුන්ගෙන් 90% ක් අනාරක්ෂිතලු

ගෙදර වාහනයේ යන ළමුන්ගෙන් 90% ක් අනාරක්ෂිතලු

පවුලේ මෝටර් රථයේ ගමන් ගන්නා කුඩා දරුවන් අතුරින් සියයට 90 ක්ම අනාරක්ෂිත බව නවතම අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

විශේෂයෙන් ළදරු ආසනය නිසියාකාරයෙන් සකස් කර නොතිබීම නිසා ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන අනතුරුවල ඉහළ යෑමක් මෑතකාලීනව දක්නට ලැබෙන බවයි තහවුරු වී ඇත්තේ.

Kidsafe ආයතනය විසින් පසුගිය ජූනි මාසයේදී සිදුකල අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ පරීක්ෂාවට ලක් කල මෝටර් රථ 350 කින් සියයට 90 කම ළදරු ආසනය නිසියාකාරව සකස් කර නොමැති බවයි.

විශේෂයෙන් දෙමව්පියන් විසින් ඒවායෙහි අඩංගු උපදෙස් නිසි පරිදි කියැවීමකින් තොරව ළදරු ආසන සකස් කිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ළදරු ආසන මිළදී ගැනීමේදී නිසි ප්‍රමිතියකින් යුත් ආසන මිළදී ගන්නා ලෙසද Kidsafe විසින් දෙමව්පියන්ට උපදෙස් දෙනු ලබනවා.

COMMENTS