පවතින වර්ෂා සහ සිසිල් කාළගුණය අවසන්වී ලබන වසර පුරා ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසක දැඩි උණුසුම් කාළගුණ තත්වයක් පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
ඒ අනුව දැනට පවතින ලා නිනා තත්වය ඉවත්ව එල් නිනෝ තත්වයක් ආරම්භ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
ලා නිනා යනු අසාමාන්‍ය සිසිල් කාළගුණ වෙනසක් වන අතර එල් නිනෝ යනු අසාමාන්‍ය උණුසුම් කාළගුණ තත්වයක් බලපෑමයි.
ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ලා නිනා තත්වය පවතිනු ඇති බවත් ඉන් අනතුරුව එල් නිනෝ තත්වය බලපානු ඇති බවත් අද නිකුත් කල අනාවැකියක සඳහන්.