ඉදිරි මාස 12 දී ඔස්ටේ්‍රලියාවේ ආහාර මිළ ගණන් ගැන අනාවැකියක්

ඉදිරි වසරක කාලය තුළදී ඔස්ටේ්‍රලියාව තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිළ ගණන් සියයට 08 කින් පමණ ඉහළ යා හැකි බවට අනතුරු ඇගවෙනවා.

ජාතික ආහාර සැපයුම් ජාලය පෙන්වා දෙන්නේ අයහපත් කාළගුණය – සත්ව රෝග – සේවක වෘත්තීය ක්‍රියාමාර්ග වැනි සාධක ඊට හේතුවිය හැකි බවයි.

ඔස්ටේ්‍රලියාව පුරා ව්‍යාපාරික ආයතන 165,000 ක් නියෝජනය වන පරිදි ලබාගත් තොරතුරු ආශ්‍රිතවයි මෙම පුරෝකථනය සිදුකර ඇත්තේ.

ඇතැම්විට 2024 වසර දක්වා ආහාර මිළ ගණන් අඛණ්ඩව ඉහළ යාමේ අවධානමක් පවතින බවද මෙහිදී අනාවරණය වුණා.

මෙම තත්වය වළක්වාලීමට ජාතික ආහාර සුරක්ෂිත වැඩසටහනක් වහා ආරම්භ කල යුතු බවයි ජාතික ආහාර සැපයුම් ජාලය අවධාරණය කරන්නේ.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »