Search

පාරිභෝගිකයන් නොමග යවා ඇති ප්‍රධාන ආයතන 03 කට චෝදනා

පාරිභෝගිකයන් නොමග යැවීමෙන් වළකින්නැයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම ප්‍රධාන විදුලි උපකරණ අලෙවි ව්‍යාපාර ජාල 03 කට අනතුරු අගවා තිබෙනවා.

refund, replacement, repair යන අංශ 03 ට අදාළවයි Harvey Norman, JB Hi-Fi සහ The Good Guys වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

වගකීම් සහතිකය සහිත කාලසීමාව තුළදී කිසියම් අයුරකින් නිෂ්පාදන වල දෝෂයක් සිදුවුවහොත් කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව අදාළ ව්‍යාපාර ජාල විසින් පාරභෝගිකයන් නොමග යවා ඇති බවට පාරිභෝගික කොමිසමට ලැබී ඇති පැමිණිලිවල සඳහන්.

විශාල වශයෙන් වට්ටම් හිමිවන කාලසීමාවට පෙර මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබීමද විශේෂත්වයක්.

පවතින නීති මාලාව අනුව මෙම ආයතන වෙත දඩ නියම කිරීමට හැකියාවක් නොමැති බවත් සිදුකල හැකි වනුයේ අවවාද කිරීම පමණක් බවත් ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »