ලංකාවෙන් යන්න වීසා ඉල්ලන සියල්ලන්ට විශේෂ දැනුම්දීමක්

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් ඉටුකරනු ලබන කොන්සියුලර් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සල් අංශය මගින් සහ එහි ප්‍රාදේශීය කාර්යාල මගින් ඉටුකරනු ලබන කොන්සල් කර්තව්‍ය සම්බන්ධයෙන් වන ගාස්තු මෙමගින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව විභාග සහතික සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 500 සිට රුපියල් 800 දක්වාත්, විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන යම් ලේඛනයක් සත්‍ය බවට සහතික කිරීමේ ගාස්තුව රුපියල් 1,500යේ සිට රුපියල් 3,000 දක්වාත් ඉහළ දමා ඇත.

ඊට අමතරව විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හෝ දූත කාර්යාල මගින් ඉලෙක්ට්‍රොනික ලේඛන සහතික කිරීමේ ගාස්තු ද ලබන වසරේ ජනවාරි මස පළමු වනදා සිට ඉහළ දමා තිබේ.

උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කිරීමේ සහ නිකුත් කිරීමේ ගාස්තු, මරණ ලියාපදිංචි කිරීමේ ගාස්තු, විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු මෙන්ම ලේඛනවල නිත්‍යානුකූලභාවය සනාථ කිරීමේ සහතික ගාස්තු ද ඉහළ දමා ඇත.

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »