Search

ධනුෂ්කගෙන් තවත් ඇප අයදුම්පතක්

තමන්ට ඇප ලබාදෙන්නැයි ඉල්ලා ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් දෙවන ඇප අයදුම්පතක්ද ගොණු කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කෙරුණු එම ඇප අයදුම්පත විභාගය ලබන දෙසැම්බර් 08 වනදා සිදුකිරීමටයි නියම වී ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලකට චෝදනා 04 ක් නගා ඇති අතර පළමු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයක් පසුගියදා නියම කලා.

ඒ අනුව ලබන ජනවාරි දක්වා නඩු විභාගය කල් දැමීමටයි විනිසුරුවරයා නියෝග කලේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානු නීතියට අනුව සිඩ්නි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප නියම කරනු ලැබුවද නඩු විභාගය අවසන් වන තුරු ඔහුට ඔස්ටේ‍රලියාවෙන් පිටත්ව යාමට අවසර ලැබෙන්නේ නැහැ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »