ලෝක කුසලාන අවසාන මහා තරගයට වැස්ස හරස්වන ළකුණු

මෙල්බන් හිදී පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවනු ඇති බවට අනාවැකි පළවනවා.

කාලගුණ වාර්තාවල දැක්වෙන්නේ අවසන් තරගය පැවැත්වෙන හෙට දිනයේදී මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාව සියයට 90 ඉක්මවා සටහන් වන බවයි.

මේ අනුව යම් හෙයකින් හෙට දිනයේදී අවසාන මහා තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් එය ලබන සඳුදා පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදුවුවහොත් ලබන සඳුදා තරගය  නතර කල තැන සිට යළි අරඹනු ඇති.

කෙසේ වෙතත් ලබන සඳුදා දිනයේදීත් මෙල්බර්න් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාව සටහන් වන්නේ සියයට 80 ක් ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තරගය සම්පූර්ණ කිරීම සඳහා අමතර පැය දෙකක කාලයක් එක් කිරීමටයි.

මෙම දින දෙකේදීම තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් මෙවර තරගාවලියේ සම ශූරයින් ලෙස පකිස්තානය සහ එංගලන්තය නම් කරනු ඇති.

පවතින තත්ත්වය සලකා අවසන් මහා තරගය වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් සංවිධායකයින් පවසා ඇත්තේ ප්‍රවේශපත්‍ර අලෙවි කර අවසන් බැවින් එම ඉල්ලීම ඉවත දැමීමට සිදුවන බවයි.

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »