ඉන්දියාව කඩුලු 10 කින් පරාජය කර එංගලන්තය අවසන් මහා තරගයට

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් වුවා. ඒ ඉන්දියාව කඩුලු 10කින් පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුවා.

ඉන්දිය පිල වෙනුවෙන් හර්ඩික් පාන්ඩ්යා ලකුණු 63ක් සහ විරාට් කෝලී ලකුණු 50ක් රැස් කරනු ලැබුවා.

පන්දු යැවීමේදී එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඩ්න් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනු ලැබුවා.

ජයග්‍රාහි ලකුණු 169ක ඉලක්කයක් හඹා ගියා එංගලන්ත කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේදී සිය ඉලක්කය පසුකර යෑමට සමත් වුවා.

එංගලන්ත පිල වෙනුවෙන් ජෝස් බට්ලර් ලකුණු 80ක් සහ ඇලෙක්ස් හෙල්ස් නොදැවී ලකුණු 86ක් වාර්තා කළා.

ඒ අනුව විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයට එංගලන්තය සහ පාකිස්ථාන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »